පිපූණු කිණිහිරියා මලක
උණුහුමෙන් දැවී ගිය
කවි හිත
වැටුණු වට වැස්සට
අලු ූලි මතින් නැගී
පෙර ලෙස
පෙලයි සිත ලියන්නට
නොලී කවියක්
වසන්තයට
සුදු වළාවත ඒතී
දුර ෙගාසින් හිත බර වැඩී
ෙම්ඝය වී මිහිමත වැටී
ෙබාර දියට ඒක් ෙනාවී
හිනැෙහයි වරා මල යළි
මද පවන සැඩ
සුලග වී
රැගෙන ගෙන ගොස්
බොහෝ ඈතක
නොදන්නා නොහදුනනා
ලෝකෙක
දැනෙන නොහැගෙන
හීනමත හිද
හඩයි හිනැහෙයි
තුරුණු මා හිත
අද හීන උදුරන
හෙට ජීවත්වෙන
සමුගැනීමෙන් හමුවන
වෙස්සන්තර හිත
කොයි පැත්තෙන් බැලුවත්
හරි හතරැස්
පෘෂ්ටීය මත පිටවල්
හයක්
කලු සුදු අලුත් එක්ක
නිල් සහ රතු
තවත් නොදන්න පාටක්
ඒ අතරට
පාට ගොඩක් එකතු වුනු
මුල්ලක ආදරය
වර්ගඵලය පරිමිතිය
ගැන නොසලකන
මේ රුදුරු ගිම්හානය
මට අරමුණක් අහිමි කරලා
එත් වස්සානය ආපුගමන්
වැටුණු තැනක
පැලවෙනවා
දුක්වෙන්නේ මොකටද
පුංචි වරා මලක්
සුළග හාදවෙලා
ලෝකේ දකින්න
පෙරුම් පුරන