Sunday, December 20, 2009

ආදරය

අද හීන උදුරන
හෙට ජීවත්වෙන
සමුගැනීමෙන් හමුවන
වෙස්සන්තර හිත

ගිම්හාන සීතල

කොයි පැත්තෙන් බැලුවත්
හරි හතරැස්
පෘෂ්ටීය මත පිටවල්
හයක්
කලු සුදු අලුත් එක්ක
නිල් සහ රතු
තවත් නොදන්න පා‍ටක්
ඒ අතරට
පාට ගොඩක් එකතු වුනු
මුල්ලක ආදරය
වර්ගඵලය පරිමිතිය
ගැන ‍නොසලකන